
මුළු මහත් ලෝකයටම සාමයේ පණිවිඩය ගෙන යන ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවෙහි තුන්වන දිනය වූ 2026.04.24 දින ආරම්භ වූයේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදීය. ඉන් අනතුරුව අද පස්වරුවේදී පහළ කඩුගන්නාවෙන් සබරගමු පළාතට ගෞරවනීය මහා සංඝරත්නය වැඩම කරවීම සිදු කෙරුණු අතර කෑගල්ල දිස්ත්‍රික්කයට මෙම මහා සංඝරත්නය පිළිගැනීම සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය ,ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් ,කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩ බලන දිස්ත්‍රික් ලේකම්තුමිය , මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරින් ඇතුළු ප්‍රදේශවාසීන් සහභාගීත්වයෙන් සිදුකෙරිණි.














